Tuesday, August 12, 2014


“හලෝ......
“හලෝ.......ආ....අප්පච්චි ද?
ඉතිං...කොහොම ද?අප්පෝ.. හුඟ දවසකින් අල්ල ගත්තේ.
ඔව් ඉතිං.. පහුඋන ටිකේ දිගටම පන්ති තිබ්බ. දැන් නම් ඒව ඉවරයි. දැන් ආයෙත් පාරක් බලාන යනව.
දැන් ටිකක් රෙස්ට්ටෙකේ ඉන්න තව දවස් කියද විභාගයට.
ම්හ්.. එහෙම කියලත් බැහැනේ...
මේ ..අප්පච්චි අම්මට කියනවද මේ පාර මාත්තෙක්ක අම්මට එන්න කියල විභාගෙ දවස්වලට.
හරි මම කියන්නම්. ඔයා කිව්වද?.ඇයි ඒ?
අප්පච්චි මේකයි...කට්ටිය එක්ක යන්න එන්න ගියා ම ඔලුව අවුල් වෙනවනෙ.
උදේට පටන් ‍කෝච්චියට නැග්ග වෙලේ ඉඳං ඒ බං අරක බැලුව ද?
ඒ ගනං වලින් එනවාම යි. අරවයි මේවයි කියොන කොට බැරි වෙලාවත් මටත් අත ඇරිච්ච දෙයක් තිබ්බොත් මගෙ ඔලුවත් ඇවිස්සෙනව.
ආයෙ ඉවර උනා ම එයිට හපන් බහුබුත කියවල ගෙදර ආවත් හිතෙන්නෙ හරි වැරදි හොයන්නමනෙ.මතකනෙ ගිය පාර පොල්ගහවෙල ගියා.

ඇයි මේ.... ගාන්නෙ මොකද වෙලා තියෙන්නේ......
ලොකු දුවට උණ ගැනුනනෙ
ඈ.... ඒ මොකද?මමත් එක්ක ඊයෙත් යස අගේට කතා කලානෙ හා එකෙන් කමක් නැහැ, බේත් ගෙනාව ද?
ඔව්  අක්ක නම් ඔයාට කියන්නත් එපා කිව්ව.(මෙතැන් පටන් කිව්ව දේ කන ෆෝන් එකට ඔබාන ඉඳල යි අහගත්තෙ කිව්වට වරදකුත් නැ)මේකයි. දුවට දෙයි යන්නෙ ලෙඩ හැදිල.
අප්පට සිරි දැන් මොකද කරන්නෙ කෙල්ලගෙ විභාගෙ...! ‍‍
අක්කත්, ඩොක්ටත් කිව්ව ඔහොම වෙලාවකදි
ළමයව වෙන් කරල විභාගයට ඉන්න ඉඩ දෙනව කියල
ඉතිං  මං ඉස්කෝලෙ සිකුරිටි එකෙන්
විභාග ශාලාධිපතිගෙ නොම්බරේ ඉල්ල ගෙනෙ කතාකලා .
ළමයට අමාරු නැතිනම් ලියන්න පුළුවන් නම්
එක්ක ගෙන එන්න වෙනම ම තියල විභාගයට පෙනි සිටින්න
ඉඩ දෙන්නන් කියල. ලොකු දෙයක් කිව්ව කලින් දැනුවත් කළ එක,
නැතිව හෙට උදේට ඇවිත් කියනවාට වඩා.
දොස්තර මහත්තයාත් කිව්ව
මෙඩිකල් එකක් උනත් දෙන්නම් කියල.
දුවටත් ටිකක් ඇඬුණ එතනදි
ලෙඩේ මේකයි කියල කිව්වාම.
ත්‍රී වීල් එකකට කතා කලා හෙට යන්න.
මොකක් කරන්නද  බලමුකො එන විදියක්
කෝ.. දැන් දුව  මම කතා කරන්නද එයාට
එපා දැන් එපා පස්සෙ ගන්න. තෙරුවන් සරණින් කෙල්ලට සනීපවෙයි
එත් ඉතිං අර තව මොනව හරි බලා ගන්න තිබුණ
එකේ....පව්
හරි එහෙනං මම තියන්නම්
කෙල්ලට ඉක්මනටම සනිපවේවි නෙමේ  වෙනව
ඒ වගේම එයාට කඩා වැටෙන්න දෙන්නත් එපා මේ හින්ද
බුදු සරණයි!”
බුදු සරණයි!”
අගොස්තු 9 වෙනිදා
හලෝ….”
හලෝ….. කවුද? පුතේ අප්පච්චි
අප්පච්චි අපි මේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට යන ගමන්
අනේ අප්පච්චි මට කියන්න 50ටම උත්තර ලියන්න පුළුවන්
වෙන්න කියල.
ඇත්තටම ඔයාට හොඳ ශක්තියක්  තියෙනව.  ආයෙ ඒකෙ සැකයක්
මොකටද දුවේ...
 ඔයාට යස අගේට ලියන්න පුළුවන් වෙනව
අනිවාර්යයෙන්ම
එහෙනම් අප්පච්චි අපි යනව
බුදු සර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණයි! දුව
“බුදු සරණයි!
අද අගෝස්තු 11දා
සුපුරුදු ඇමතුම ගෙදරට
ආ...අප්පච්චි  අම්ම ගියා මගෙ මෙඩිකල් එක ගේන්න
ඉතිං... ඉතිං කොහෙමද ඔයාට”.
බලන්නකො අප්පච්චි මූණෙත් දැන් බිබිලි ඇවිත්.
ඔහෙම තමයි ඔය ලෙඩේ හැටි අමාරුද ඇඟට.”
ඔව්.. මම දන්නැතුව බිබිලි ‍දෙකක් කැඩුනනේ හැදුනදාම ඒව දනව.”
ඔයා හිතාන හිටිය විදියට පාඩුවෙ විභාගෙට යන්න එන්න
හදල දුන්න පාරක් නේ ඔය අමාරු උනත්.”
ඔව් මටත් එහෙම හිතුන.
ඒ හිතල තමයි මේ ඉවසගෙන ඉන්නෙ.
මේ කරගත්තේ නැත්නම්
ආයේ අවුරුද්දක් ක්ලාස් යන්නත් වෙනවනේ.
සර්ලත් බලයි මේ මොකද කියල.
හැම පන්තියකම වගේ මම බ්‍රයිටෙක් වගේ හිටියනෙ.
නෑ දුවේ ඔය ඇත්තටම වෙස්වලා ගෙන ආව පිහිටක්, ආශීර්වාදයක් ම තමයි
හා එහෙම නේද?
සමහර ළමයි ලෙඩෙත් තියාන මේන්හෝල් එකෙත් ඉන්න වලු.
බලන්න අප්පච්චි මොනව හරි උනොත් එහෙම
ලිය ලියා ඉන්න කොට. කවුරු වත් දන්නෙ නැහැනෙ.
මට නම් තනි කාමරයක්. හිටිය මිසුත් හොඳයි.
කටු වැඩ වලට ඉස්සර වෙලාම එක කොළය නෙ දෙන්නෙ
කොහොමටත් මට කොල හතරක් වත් යන හින්ද ඉල්ලුව තව කොල
ඇයි මිස්ටත් හොඳ නැහැනෙ හැම වෙලාවෙ ම මම ගාවට එන එක
කොහොම හරි මට කොල පහක් ම ගියා.
හදිසියක් උනොත් කතා කරන්න
අම්මටත් ගේට්ටුව ගාවටම වෙලා ඉන්න කියල කිව්ව .
අප්පච්චි  හෙට ටිකක් දවල් වෙලා යන්නෙ.
තනියම ඉන්න කොට හැමෝම බලනව මේ මොකද කියල
ඉතිං.. අප්පච්චි අම්ම ආවාම මිස් කෝල් එකක් ගහන්නද?”
හා හොඳයි. එහෙම නම් දුවේ ජයෙන් ජයම තමයි ඔයාට.
බුදුසරණයි!”
බුදුසරණයි!”

අද 12වෙනි දා
අප්පච්චි... අද වහිනව.
අපි මේ මගට වෙලා ඉන්නෙ තව වෙලා තියෙන හින්ද.
තව ටිකකින් ඇතුලට යනව.
හරි.... දුව.  හිතපු විදියට ම ලියන්න ශක්තිය ඔයා ගාව තියෙනව මයි.
බයක් නැතුව ගිහින් ලියන්න.බුදු සරණයි! ඔයාට ජයමයි.
බුදුසර‍ණයි අප්පච්චී....!







Wednesday, July 9, 2014


            බක් මහේ....                    න්න මටත් අවසරය ලැබුණ අවුරුද්දට ගම් බිම් බලා පියාඹන්න. හිතුවාටත් වඩා දින ගණනකට  කලින් ම එදින උදා වී අප්‍රියෙල් මුල් සතියෙ සිටම මම ගෙදර.
පැවරුණ  මුල් ම රාජකාරිය  ගෙදොර අස් පස් කරමින් ම දවස් ගෙවෙද්දී කැවුම් කොකිස් ඉදෙන සුවඳ නහය ළඟින් එහෙන් මෙහෙන් ගියාට,මොකක්දෝ  අඩුවක් දැනුණ අවුරුද්දෙ ඇති.
ඇත්තටම ම හැන්දෑව වෙද්දී පටන් ගන්න උණ වෙඩිවල සද්දෙ කරුවල වැටෙද්දී ගම තුරාවට ඒ දවස්වල පැතිර ගියත් මට නම් ඇහුනෙ ඉඳහිට පත්තු කල රතිඤ්ඤ කරලක හඬම විතර මයි wo.
අවුරුදු නිවාඩුව ලැබුණ සැණින් ගමේ පදුරකින් හොයා ගන්න බැරි නම්, හැතැක්ම හය හතක් දුරින් ඇති මා ඔයට  පයින් ම, ගිහින් අවැසි විදියට උණ ගස් කපල, ඔයේ වතුර අඩු නම් හිතේ හැටියට නා ගෙන, උණ කොටත් කර තියන්,  ගෙදර ඇවිත් හදා ගන්න වෙඩිවල සද්දෙ මතුවෙනව හැන්දැයාමෙට තැනින් තැන.

(කැමති අයවෙත්නම් උන වෙඩි හදන හැටිත් මම කියන්නම් මෙයින් පස්සෙ);

එදා ගැනුණ උණ තවමත් ඇඟේ ඇති  මටත් හිතුන හදන්න  උණ වෙඩිල්ලක්  එදා මෙහෙමයි  අවුරුදු කැවෙ කියල කියාපන්නත් එක්ක.

 හොයා ගත්ත උණ කොටය සියල් සිරින් සපිරි නොවුනත් එයින් හැදුව වීරය වගේ මුකුත් නො දන්න අපේ උන් ඉදිරියෙ මෙහෙමයි අරහෙමයි අරකයි මේකයි කියල.

ඔය සේරම දේවල් අහවර වෙන කොට ඇත්තට  කරුවලත් වැටිල හමාරයි.


ඒ කොයි හැටි වෙතත්  කියල දීල පත්තු කරන විදිහෙ මුල් පොත  බාර දුන්න  උණ වෙඩිල්ල  ඔහොම යං කියල.

පත්තු කලේ වෙඩි දෙක තුනයි, වෙච්ච වින්නැහිය තමයි පහතින් දකින්න ලැබෙන්නෙ.
,


Thursday, March 20, 2014

ගුවනින් ගිය .......යාා

එකල්හි කියපු රසවත් නවකතාවකි ගුවනින් ගිය ගෙඩයා.ගුලි නොහෙත් ගුණදාස ලියනගේ ශූරින් පලාලි සිට රත්මලාන දක්වා වු ගුවන් ගමනක අසිරිය එයින් කියාපැව.
 මංතුමත් අඩුම තරමින් අවුරුද්දකට එකවතාවක් හෝ ඉහළ පහළ යන අහස් ගමනක යෙදෙන කල් ලබාගත්තාවු  දසුන් පටයකි මේ.
         

Sunday, February 2, 2014

ස්කයිප් VIA ඔවුන්

මම  මොනවත් ලියන්නද?

නෑ...
ඔබම!
ඔබම  බලන්න මේ රුප








                                               skype 
     දෙවියන්ට පිංසිදු වෙන්ට 
      මමත් කරකාරයක් කරගත්ත.

පසුව ලියමි..
නුදුරු දා මමද පියෙකි...........