Sunday, May 20, 2012

එ a කාලේ

                                     
හා ගමේ ඉස්කෝලෙට අකුරු කොරන්න උදේට මහපාරෙන්ම  ගියාට මොකෝ හුඟක් දොහෙ හවහට ගෙදර ආවෙ ඔය හරහා වැටුණ අඩි පාරවල් ඔස්සේමය. 
                                              ඒ  මං දෙපස වතුපිටිවල කාලෙන් කාලෙට පලදරා නිස්කාරනේ අපතේ නොගියද,  අන්නාසි ,අඹ,කජු වැල වරකා මෙන්ම, නේක විධි ගඩාගෙඩිත් කෑමට ඇති ආසාව.එහෙව්එකේ ගලක් පොල්ලක් ගහකට ගැහුවට, නාබර පොල්ගහකින් බිමට නැමිච්ච අතුවලඑල්ලිලා ඔංචිලිපැද්දට  වතු අයිතිකාර බලවතෙක්,බවළෙතෙක් ගෙ එක ඝෝරනාඩුවක් ඇති කැලේ බිඳගෙන දුවන්න,ගල්පොලු වලින් සන්නාහ සන්නද්ධව හිටියත්.
                                                 කජු වාරෙදි නොවරද්දාම ගාටන්නෙ ඔයෙන්.ඒ ඉතිං වේලිච්ච කජු වලින් වල කජු ගහන්න,ඉස්කෝලෙදිත් , ගෙදරදීත්, මඟදිගටනම් කජු කිරන එකයි කොරන්නෙ. දිනාගත්ත, අහුලගත්ත, කජු එකතු කෙරුවෙ පුච්චල කන්න මිසක් රුපියල් ශත මාරුවට නම් නෙමෙයි,ඕං.......ඒ දවස්වල නම් කජු කිරි කොල්ලොමයි.අප්පා..ළඟින් යන්න බෑ සුවඳ.....
දුටුවොතින් පොල්මැස්සේ පොල් ලෙලිගහනව එදාටත් ගමන ඔයෙන්මයි, තීරණේ.... එවලේමයි.පැළපී (පැළමද)ගලවන ගමන්ම පොල් බෑවක් එහෙම කමිසක් අස්සට ඉඳල හිටල නොගිහින් හිටියෙත් නෑ.ඒඉතිං පැළපී වල මදි පාඩුවටයි කියමු කෝ...
ඉස්කෝලෙදි ඇති වෙච්ච හෙයියන්මාරුවක වාඩුව ගන්න නැතිනම් පලා යන්න ඔය හරහා වැටුණ මේ පාරවල් යස අගේට පිහිටට හිටිය අපි කාටත්.මේ වගවිත්ති  කියාදාන්න මාවඒ සංදියට දක්කාන ගියෙ මේ රුපේමතමයි කියල කිව්වට මොකෝ 
 (ගලවා ගත්තේ ඊලියුම් කරදහියකින්, නවීකරනය අල්ලපු රට වියහැක.)

වෙල්යාය දෙපස තියෙන ඇළට පැන පීනන්න දත කාපු අපි ඔයට ගාල්කරන්න පෙරමුණේ රාළ උනේ අම්ම ම තමයි  කියල කටක් ඇරල කියන්න ඇහැකි  සහසුද්දෙන්ම.ගෙවල් අහල පහල ගෙවල්වල සමහරෙකුගේ ඔයට නාන්න යන අවසර පත්තරේ සීල් එක තිබ්බෙ අම්ම.
 “මාත් ඔයට යන්නදො....?"
“කා එක්කද‍"
“ නෝනමහත්තයත් යනව"
“හා...එහෙනං"
ආං එහෙම  රැළට එකතුවෙන අරයයි මෙයයි සේරමල  ගියයි කියමු කො ඔයට.පිනන්න පුලුවන්කම ඇත්තෝ එහාට මෙහාට පිනද්දි අපි  පුහු පොල් ගෙඩි දෙකක් ඇවැරි ගහගෙන ඒක කිහිලි අතරින් හරහට දමාන පීහිනීමේ   අත් පොත් තිබ්බ.හප්පෝ ......පෙවිච්ච වතුර කන්දරාව පත කළගෙඩි විසි තිස් ගානක් පුරවන්න තරම්.

ඔහොම යන දවසක අපිත් එක්ක ගොහින් හිටි ඇත්තියකට කොහෙදො යන උහුලන්න බැරි බරක් හැදිල දිය යටදි බරෙන් හෑල්ලුවෙලා  උඩට ආවට ඒ සුනංගුවෙන්ම මේ මතුවෙන්නෙ එකින් එක,මොකො මේකි ගල්ගිලල හිටියැයි යට යන්න එවා.මේ දැක්ක එ ඇත්ති කොහෙන් කොහොම ගොඩටගියාද කියල අදටත් හිතා ගන්න බැරිතරං.මේ වැඩෙන් අපේ නෑමත් ඒත් එක්කම හමාරවෙච්චි.ඒත් ඉතිං සහසුද්දෙන්ම අපිත් දැන කියාගත්ත නෙවැ පුහු පොල් විතරක්ම නෙමෙයි පාවෙන්නෙ කියල. මෙදයින් පහු මේකි නෙමෙයි ඔය පලාතෙවත් ආවෙ. මේ කෙංගෙඩියක් මතකෙට ආවයින් ලියන්න හිටි දේත් අමතක වෙච්චි.
 ආ........මේකයි..
කොහොම කොහොමෙන් හරි වතුරත් එක්ක ගනු දෙනුව බයක් හැකක් නැතුව කොරාගන්න පුලුවන්කමක් තිබ්බට අපිට අපේඋන්ට
 ?/
කොහෙමෙයි මේක අකුරු කොරන්නෙ.කෝ.. ඒකට  වෙලාවක් කලාවක්,නිවාඩුදාට දෙගොල්ලටම තියෙන ඉහමත්තටම පිරිච්ච වැඩරාජකාරි,පැවැරුම්.ඒමදිවට පංති කෙරුවාව,මොන දහංගැටයක් දාල හරි ගත්තයි කියමුකො ඉඩකඩක්.
එදාට ඔයේ වතුර නෑ නාන්නතරම් අද දොරෙගලන්න වැස්සට හෙට වෙන කොට වතුරසුරුස් ගාල බැහැල ගොහින්නොවැ.
ඕව මේව සම්පුර්ණ කොරාන ලකලෑස්ති උනයි කියමු.ඊඟාවට
“කොහෙ යන්නද ඔය“
“ඔයට නාන්න“
“මේ ඔයාට පිස්සුද අනේ...... ඔය දහදුරා වතුර නාවල හිටන් හදනවකො ලෙඩක් රටේ ලෝකෙවත්නැති.ඊට පස්සෙ මම එපායැ ඉස්පිරිතාල ගානෙ අරං දුවන්න“.ඔන්න රජයෙ අවවාදය.(අණ)
දැන් මොකැයි කරන්නෙ.
ඒකත් හැබෑවමයි. ඇයි...යකඩෝ ...... මොන මැහි තෙල් කන්දරාවක් හලනවද වෙල් වලටඒවත් ඔයට.
අර පැක්ටරියෙයි මෙපැක්ටරියෙයි සබ්බසකල සේරමත් ඔයට. දවල්ට නැතත් රැට හරි.
ඔය සේරටම පයින්ගහල කට්ටියම දොක්කගෙන ගිහින් නෑවයි කියමු.ගමයගෙම කරුමෙට කාටහරි ලෙඩදුකක් හැදුනොත්,නිවාඩු දවස් ගෙවිච්චාම ගමයා දුරිබුත වෙයි.විඳවන්නෙ කව්ද ගෙදර ඈයොමයි.එහෙව් එකේ තිබ්බපය පස්සට ම  ගනනව ඇරෙන්න මොකක් කරන්නද බොලං........
එව්ව එහෙම වෙච්චි කොට
දැහත් කූරු වලට බෝබු කොටු කපාඑන්න මෑත දවසක ඔයදිහාට ගියවිටක දි අපේ කොලු ගෙ පලෝලෙ පොඩි එකාල දෙන්නෙක් දනි පනි ගහනව පීනන්න.මේදැක්ක මං පුහු පොල් කතාව කියෙව්ව අපි නම් පුරුදු පුහුණු උනේ එහෙමයි කියල.පුහු පොල් හොයන එකත් මේ දවස් වල අමාරු කරියක් වග සිහිවෙච්චි හින්ද ගෙදර ඇතිපදං තියෙන සිලි උර දෙකකට හුලං පුරෝල කට ගැට ගහල ගතහැකි වග විත්තියත් එවලේම කියාදාල මගෙ කාරියකොරාන එන්ඩ ආව.
පස්සෙං පහුදාක අපේ කොලු මගෙන් අහපි
“අප්පච්චි .....සිලි බෑග් කතාවක් එහෙම කිව්වද?කාටහරි ..."
"ඔව් ඇයි?"
"නෑ.............නිකං..."
එදා මං කී දේ තේරුංබේරුං උනේ නැතිවත් ද පොඩ්එකාල දෙන්නට.
එහෙම නැතිනම්
තවත් එක විහිළු කතාවක්වම උනාවත්?
අනේ මන්ද.....
මේ..සේරෝම අන්තිමට
ගමයට
 ප්‍රශ්න පත්තරයක් ම වෙච්චි උත්තර බඳින්න බැරි..... පුලුවන්....


                                                          
                                                               
                                                                                                                          

Saturday, May 5, 2012

අලි අත්දැකීම

             ඔය තියෙන්නෙ ගමයා ගියඅවුරුද්දෙ දොහක සිය පිරිවරත් සමඟින් යන්නට යෙදුනාවු ගමනක දී ලබා ගත්ත වීඩියොවක්. 
ඉතිං  බලා කියා ගන්න යන්න ඕන කියල හිතෙනව නම් මේකියන කරුණු කාරණා ගැනත් හිතල කටයුතු කර ගත්තොත් අඩුපාඩුවක් නොවී ගිය ගමනක්ම වේවි ඔබට.

  •       උදැසන නවයට 09 පෙර ඇතුල්වෙන්න.මේ හින්ද දැකිය හැකි අලි සංඛ්‍යාවේ අගය උපරිමය දක්වා වැඩිවේ.
  •       එහි ඇති කුලී රථයක් ලබාගන්න.(මෙම රථ පැය තුනක03 පමණ කාලයක සංචාරය කරයි)මෙනිසා ඔබට පළපුරුදු රියදුරෙක් ලැබෙන්නා සේම ඔබවාහනයට සිදුවියහැකි අලාබය 0 දක්වා අඩු වේ.   
  • අව්ව සමඟ නොහොඳ නොක්කඩු නම් ඊට අවැසි දේමෙන්ම, කෑමට බීමට දේත් ගෙනගියාට වරදක් හෙම නෑ. ( හැබැයි ඔන්න මතට තිත,අනිවා)             

  


හොඳයි එහෙම නම් අලි අතුරු අන්තරාවක්(එහෙම වෙන්නෙ නෑ.) නොවිම එලියට ආවයි කියමු කෝ.
                            වැටෙන වැටෙන වලක් ගානෙ අඟර දඟර පාමින් අව්ව එක්කත් හෙට්ටු උන හින්දම ඇඟපතට දැනෙන මහන්සිය දුරීබුත වෙන්න නම් කොහේ හරි හොඳ තැනකට පැනල නා කියා ගත්ත නම්
                          කියල වැඩක් නෑ.
                                                    යනනෙන මග විපරමින් ගියා ආව නම් නාන්න සුදුසු තැන් බොහොමයි.
එහෙව් තැනකට යනතුරු ගමයා නවතිනව.එහිදී කියන්නත් දෙයක් ඇති හින්ද.
                               හොඳයි එහෙමනම් සුබ ගමන්.   ආයෙමත් මුණගැහෙමු අපි.
                                                    ඔබ  සැමට ජය හා සතුට.